දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ


අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායිනමුත් වෙනත් ජීවීන්ට සාපේක්ෂව මිනිසා තම වර්ගයා බෝ කරන්නේ යම් සවිඥානික ක්‍රියාවලියක් හරහායි.
දරුවෙක් යනු සෑම විවාහක යුවළකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් විය හැක. ඒ සඳහා ඔබ මානසිකව හා ශාරීරිකව හැඩගැසිය යුතු වේ. නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පහත උපදෙස් පිළිපැදිය හැක.

වෛද්‍ය පරික්ෂණයක් කරන්න

දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක.

විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේමගබ්සා වීම් වලක්වා ගත හැක.

ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න

ඩිම්බ මෝචන කාලය පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. එම කාලය තුල ගැබ් ගෙල ආශ්‍රිත පෙදෙස ශ්ලේෂ්මල සහිත වේ. එය සිහින් සහ ලිස්සන සුදු බවක් ගනී. එය ශුක්‍රානු ගමන් කිරීම පහසු කරවයි.

චක්‍රයේ වඩාත්ම සරු කාලයක් ලෙස සැලකෙන ආර්තාවයේ සිට ඇති දින ගණන ලියා තබාගෙන එම කාලයේ වැඩි උත්සාහයක යෙදෙන්න.

ගැබ් ගැනීමට සුදුසුම අවස්ථාව පිළිබද කණගාටු වන්නට එපා

ගැබ් ගැනීම සදහා සංසර්ගයේ යෙදීම අවස්ථා පිළිබද විවිධ මිත්‍යා විශ්වාස පවතී. නමුත් කිසිවක් විද්‍යාත්මකව සනාථ කර නොහැකි නිසා මිත්‍යා විශ්වාස පමණක් වේ. මේ සදහො ඔබට සුදුසු පහසු ක්‍රමයක් යොදා ගත හැක. දරු පිළිසිඳ ගැනීමකට කරන වෑයමක් ලෙස විශේෂයක් නොකර සාමාන්‍ය ආකාරයට ආදරය සහ හැගීම් මුල් කරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන්න.

සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න

ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි වීම සදහා සංසර්ගයෙන් පසු ඔබේ පාද වාතය හොදින් ලැබෙන පරිදි වාතලයට එකතු කරන යන බොරුව ඔබ මිට පෙර අසා ඇති. මෙය සත්‍යයක් නොවේ. සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ.

දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නැත

දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සංසර්ගයෙන් පසු පැය 72 ක ආයු කාලයකින් යුක්ත වන අතරඩිම්බ මෝචනය සිදු වී හෝ නොවී දින 3කට වරක් පමණ සංසර්ගයේ යෙදීමට උත්සහ කරන්න. මතක තබා ගන්න ඔබ එය කල යුත්තේ ඔබ එම ක්‍රියාවලිය පිලිබඳ ධනාත්මක හැගීමකින් කරනවානම් පමණි. යාන්ත්‍රික ලෙස මෙහි නිරත වීම කායික මෙන්ම මානසික අපහසුතා ඇති කල හැක.

ආතතියෙන් තොර වන්න

මානසික ආතතිය ඔබ ගැබ් ගැනීමට එරෙහි වනු ඇත. එම නිසා සැම විටම මානසිකව විවේකිව සිටින්න. යෝගාමෙන්ම භාවනා ක්‍රම ඔබේ මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හැකි සෑම විටම සතුටින් සිටීමට උත්සහ ගන්න.

නිරෝගිව සිටින්න

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබඔබේ නිරෝගී බව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබ නිරෝගී නම් ඔබට ඉක්මනින් මවක් වීමට හැකි වන අතරඔබේ දරුවාද නිරෝගී වේ. එමෙන්ම ඔබ ගබ්සා වීම වලින් වැළකීමටද නිරෝගී බව වැදගත් වේ.