
පෙනුමෙන්
සුන්දර, මටසිලිටු, පියකරු
වූ කාන්තාව සිය ජීවිතයේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ද වගකීම් සම්භාරයක් කරපින්නා
ජිවත්වන්නියකි. ස්වභාව ධර්මයාගෙන් ඈ ලද වටිනාම දායාදය වන්නේ උත්තරීතර මව් පදවියයි.
ඒ මව්
පදවිය උරුම කරගන්නට ඇයගේ සිරුරේ අභ්‍යන්තරයෙන්ම සිදුවන සුවිශේෂ වූ ක්‍රියාදාමය වූ
(ඔසප් චක්‍රය) අඩු වැඩි වශයෙන් කාන්තාවන්ගේ ජීවිතයට බලපෑම් ඇති කරවීමට සමත් වී
තිබෙන අවස්ථා ද නැතුවා නොවේ.
වර්තමානයේ
කාන්තාවන් බොහෝ දෙනෙකුට මේ ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබීම නිසා
ඔවුන් කායිකව මෙන්ම මානසිකවද ඇද වැටීමකට ලක් වී තිබෙනවා. මේ පැන නැඟී ඇති ගැටලුව
(ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව) නිරාකරණය කර ගැනීම අතිශයින් වැදගත් වන්නේ ඇය යම් දිනක
මවක් වන්නට පෙරුම් පුරන නිසයි.
ජීව විද්‍යාත්මකව
ඔසප් චක්‍රයේ සාමාන්‍ය බව, අසාමාන්‍ය බව රෝගයකට තුඩු
දෙන හේතූන් පිළිබඳ දැනුවත් වීම සඳහා අප මුණ ගැසුණේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධන මහතායි.
යම්කිසි
තරුණියකගේ ආර්තවය (වැඩිවිය පැමිණීම) නිසි කලට පෙර සිදුවීමත්, ආර්තවහරණය
(ඔසප් නැවතීම) නිසි වයස් ඉක්මවා පැවතීමත්, වර්තමාන සංස්කෘතිය අනුව
දරුවන් මෙලොවට බිහි කිරිම දරුවෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සීමා කිරීමත් නිසා
කාන්තාවකගේ ඔසප් චක්‍ර ගණනේ වැඩිවීමක් දක්නට ඇත.
වර්තමානයේ
ඉලක්ක බලාපොරොත්තු ඔස්සේ හඹායන පිරිසට අවශ්‍ය වන්නේ සෑම සියලු දෙයක්ම තමන්ට අවශ්‍ය
පරිදි සිදු වනවා දැකීමටය. එබැවින් තම සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලියන් පවා කලට
වේලාවට සිදුවිය යුතු යැයි ඔවුන්ගේ හැඟීමයි.
එබැවින්
කාන්තාවකගේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය හා අසාමාන්‍යතාවය ගැන කාන්තාවන් සියලු දෙනාම
දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය සාධකයකි. ඔසප් චක්‍රයේ චක්‍රීය බව (නැවත නැවත
සිදුවීම) සිදුවිය යුත්තේ ඔබ අප කවුරුත් දන්නා පරිදි දින 28කට වරක් යැයි සිතුවද දින 28ක්
ඇතුළතදීම සිදුවිය යුතු වන්නේ නැත. සාමාන්‍යයෙන් නියමිත දිනට සතියක් පමාවී හෝ
සතියක් පෙර හෝ දින 21 - 35අතර ඕනෑම
දිනයක ඔසප් චක්‍රය සිදු වු විට එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් වටහා ගත
යුතුය.
ඔසප්
වීමේදී ඇතිවන රුධිර වහනය කාන්තාවන් මුහුණ දෙන ඊළඟ ගැටලුවයි. සාමාන්‍යයෙන් රුධිර
වහනය සිදුවිය යුත්තේ දින 3-4පමණ වන
තෙක්ය. නමුත් ඇතැමුන්ගේ රුධිර වහනය දින 1 -2ක්
පැවතීම හෝ දින 5 -7දක්වා කාලයක් පැවතීම අසාමාන්‍ය නොවන සාමාන්‍ය දෙයක් බවට පැහැදිලිව
වටහාගත යුතුය.
සාමාන්‍යයෙන්
මිලි ලීටර් 30ක ප්‍රමාණයක රුධිරය වහනය වේ. නමුත් ඇතැමුන්ගේ මිලි ලීටර් 80කට වඩා වැඩි ප්‍රමාණයක් රුධිරය වහනය වන්නේ නම් එය අසාමාන්‍ය
තත්ත්වයකි. අනෙකුත් ප්‍රධානතම ගැටලුව වන්නේ ඔසප් වේදනාවයි. ඕනෑම කාන්තාවකට ඔසප්
වීම තරමක වේදනා ගෙන දෙන්නකි. එය සාමාන්‍ය සිද්ධියකි. ඔබ කවුරුත් භාවිතා කරන සාමාන්‍ය
වේදනා නාශකවලට මෙම වේදනාව සමනයට පත් කළ හැක.
එසේම
ආර්තවය ආරම්භ වූ මුල් කාලයේ වසර 4 -5දක්වාත්, ආර්තවහරණය
ආසන්නයේ අවුරුදු 5 -6දක්වා වූ
කාලසීමාවේ වන ඔසප් සිදුවන කාලය අක්‍රමවත් වීම සාමාන්‍ය තත්ත්වයකි.
ඉහත
සඳහන් කළ ඔසප් චක්‍රයේ වාර ගණන, වහනය වන රුධිර ප්‍රමාණය, වේදනාව
මේ සියල්ල සාමාන්‍ය බැවින් කිසිසේත් මේවාට රෝගයක් යැයි සැක කර බියට පත්විය යුතු
නැත.
නමුත්
වෙනත් රෝගී තත්ත්වයන් නිසාද පාරිසරික බලපෑම් නිසාද අක්‍රමවත් ආහාර රටාව නිසාද, ඇතැම්
ඖෂධ වර්ග නිසාද ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා ඇතිවිය හැකිය. මෙවැනි අසාමාන්‍යතාවයන්
අතර ප්‍රධාන තැනක් ගන්නා තත්ත්වයක් වනුයේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් යන
තත්ත්වයයි.
මෙම
තත්ත්වයේ පසුවන්නන්ගේ ඔසප් චක්‍රය නිසි ආකාරයට මාස්පතා චකී‍්‍රයව සිදුවන්නේ නැත.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ ගර්භාෂයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසි ආකාරයට
සිදුවන්නේ මේ අයුරිනි.
ඩිම්බ
කෝෂය තුළ ඩිම්බ ගණනාවක් වර්ධනය වීම සිදුවන අතර මෙයින් එක ඩිම්බයක් දින 14කට වරක් ඩිම්බ කෝෂයෙන් පිටවීම සිදුවේ. විවාහක කාන්තාවකගේ නම්
ඇතැම්විට මේ පිටවූ ඩිම්බය පුරුෂයකුගේ ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී දරුවකු පිළිසිඳ
ගැනීමක් සිදුවිය හැක. එවිට ඔසප් වීම සිදු නොවන අතර එසේ නොවුණහොත් ඔසප් වීම මාස්පතා
චක්‍රීයව සිදු වේ.
ගර්භාෂයේ
යම්කිසි ගැටලු තත්ත්වයක් පැන නැඟුණ විට මෙම ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීමට
ඉඩ ඇත. එවිට ඩිම්බ පිට කිරීමේ ගැටලුවක් මතු වී චක්‍රීයව මාස් ශුද්ධිය සිදු නොවේ.
මෙම තත්ත්වය හඳුන්වන්නේ පොලිසිස්ටික් ඕවෙරියන් සින්ඩ්‍රෝම් යනුවෙන් මෙම රෝග
තත්ත්වය හඳුනාගැනීමේ ලක්ෂණයක් ලෙස මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හැඳින්විය හැක.
මේ
ආකාරයට අක්‍රමවත් වීමට හේතුව හඳුනාගැනීමට සඳහා ඉජචද පරීක්ෂණයක් සිදු කර ඩිම්බ
කෝෂවල තත්ත්වය නිරීක්ෂණය කිරීමත් හෝර්මෝන තත්ත්වය පරීක්ෂා කර බැලීමක් සිදු කළ යුතු
අතර නිසි රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් සහ ඔසප් චක්‍රය ක්‍රමවත් කරලීම සඳහා
ඖෂධ ලබාදීමද සිදුකළ යුතුය.
තවද
පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් නැමැති තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ ස්ථුලත්වය
සහ ශරීරයේ බර පාලනය කර ගැනීමට අපහසු බැවින් ඉන්සියුලීන් ප්‍රතිරෝධත්වයට විරුද්ධව
ජීවන රටාව පවත්වාගෙන යාම රෝගය වළක්වා ගැනීමට ඉමහත් රුකුලක් වනු ඇත.