open sex කරන්නෙ බලාගෙනයි


ජීවිතය බොහෝ වටිනා දෙයක් බව දන්නේ ස්වල්ප දෙනෙකිතවද ඒ ජීවිතය නිදහසින් පිරුණු කල එයින් මුළු සමාජයටම මහත් සේවයක් කළ හැකි බව දන්නේ ඊටත් අඩු පිරිසකි.
නමුත් අද දවසේ නිදහස බුක්ති විඳින බොහෝ අය එම සුවිශේෂි අවස්ථාව උදා කරගන්නවා වෙනුවට ජීවිතයම ඉමහත් අවදානමකට ඇද දමන මාර්ග තෝරා ගනියි.

නිදහස හා ලිංගික ජීවිතය එවන් අවස්ථාවකි. විශේෂයෙන් පුරුෂයින් තවමත් සමාජයේ වැඩි නිදහසක් බුක්ති විඳින බව අපට හඳුනාගත හැක.

පාසල් සමය අවසන් වීමෙන් පසු දෙමාපියන්ගෙන් මිදෙන යෞවනයන් සේම රැකියාවේ නියුතු පුරුෂයින් ද නිදහස වැඩිපුර ලබන පිරිසක් බව අවබෝධ කරගත හැක. මෙහිදී මුණ ගැසෙන විවිධ පුද්ගලයින් ආශ්‍රය මඟින් බොහෝ තරුණ කොටස් ඇතුළු පුරුෂයින් ද විවිධ ලිංගික හැසිරීම්වලට යොමු වේ.

මෙහිදී යම් පිරිස් කාන්තා ඇසුරට යොමු වන අතර යම් පිරිසක් සමලිංගික ඇසුරට ද යොමු වේ. මෙවන් විවිධ ලිංගික සබඳතා බොහෝවිට නාගරිකව ඇති විවිධ සමාජශාලා, සම්භාහන ආයතන ඇසුරේ ලැබීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. ඊට අමතරව තරුණ කොටස් එක්ව පවත්වන මත්පැන් සාදවලින් අනතුරුව ද බොහෝවිට මෙවන් ලිංගික හැසිරීම් සඳහා තරුණ කොටස් යොමු වේ.

බොහෝවිට මෙහිදී එවන් කාන්තා ඇසුර සඳහා නිතර යොමුවන පිරිස් ආධුනිකයින්ව ඒ සඳහා පෙළඹවීම ද සිදු වේ.

එහිදී මෙවැනි ඇසුරකට යොමු වන බොහෝ පිරිස් ආරක්ෂිත ලිංගික හැසිරීම් පිළිබඳ අවබෝධයක් නැති බවද පෙනේ. තවද විවිධ ලිංගික ශ්‍රමිකයින් එනම් ලිංගික සේවයේ යෙදෙන කතුන් මෙන්ම පුරුෂයින් බොහෝවිට ආරක්ෂිත හැසිරිම්වල නොයෙදෙයි. එය අද දවසේ තරුණ කොටස් මුහුණ දෙන බරපතලම තත්ත්වයකි.

ඒ නිසා එවැනි හැසිරීමකින් පසුව බොහෝවිට තරුණයින් ව්‍යාකූල තත්ත්වයට පත් වෙති. තවද ඔවුන් එහිදි සමාජ රෝග හා වෙනත් එවැනි රෝග පිළිබඳ ඇතිවන බිය හේතුවෙන් ආතතියට පත් වේ. ඒ අනුව ඔවුන් ඒ පිළිබඳව අන්තර්ජාලය හා වෙනත් මාර්ගවලින් ඒ පිළිබඳ තොරතුරු සොයා බලයි.

ලිංගික හර්පීස්

මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීම් හේතුවෙන් බෝවන සුලබ රෝගයක් ලෙස හඳුනාගත හැක. වෛරසයක් මඟින් බෝවන මෙම රෝගයේ ලක්ෂණ නම් ලිංගාශි‍්‍රතව ඇතිවන අධික වේදනාව සහිත දියර පිරි බිබිලිය. එය සුළු කාලයකින් පසු තුවාල බවට පත් වේ.

එසේ නැතිනම් ඒවා තුවාල ලෙසම වූවත් දක්නට හැකි වේ. තවද යම් අවස්ථාවක මෙවැනි රෝග ලක්ෂණ නොමැතිවම වුවද රෝගය හටගෙන තිබෙන්නට ද හැකි වේ. ඒ අනුව බොහෝවිට මෙවැනි අවස්ථාවලදී ඔවුන් කිසිදු වෛද්‍ය උපදේශයකින් තොරව ෆාමසි මඟින් විවිධ ඖෂධ ලබා ගැනීමට ද පෙළඹේ. නමුත් එය නුසුදුසු ක්‍රියාවකි. එහිදී වෛද්‍යරයෙකු වෙත යොමු වී නිසි පරීක්ෂණ ඇසුරෙන් තමන් එවැනි යම් රෝගී තත්ත්වයකට පත් වී ඇත් ද යන්න හඳුනා ගැනීම වැදගත්ය.

තවද මෙය වෛරස් රෝගයක් නිසා නැවත නැවත මතු වීමට ද හැකි වේ. එමෙන්ම එය තවත් අයෙකුට බෝවීමේ හැකියාව ද පවතී. එහිදී ඒ සඳහා ඇති පරීක්ෂණවලට යොමුවීම වැදගත් වේ.

HSV - Igg  රුධිර පරීක්ෂණය


මෙය ලිංගික හර්පීස් රෝගය හඳුනා ගැනීමට සිදු කරන රුධිර පරීක්ෂණයකි. ඒ අනුව යම් අයෙකු තමන්ට මෙම රෝගය වැළඳී ඇත්දැයි සැකයක් ඇත්නම් හෝ එවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඊට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් මෙම පරික්ෂණයට යොමු වීම වැදගත් වේ. එහිදී රෝගය නිර්ණය කරගත්තේ නම් වැඩිපුර ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය වේ.