ලෝකයේ
පැවැත්ම සඳහා ජීවින්ගේ බිහිවීම අනිවාර්යසාධකයකි, ජීවියෙකුගේ
බිහිවීම හරිම අපුරු සිදුවීමකි. ලොව විශ්මිතම සත්වයාවන්නේ මිනිසාය.
මිනිසා
බිහිවීම සඳහා ආදරය, සෙනෙහස බෙහෙවින්ම ඉවහල්
වෙයි.ස්ත්‍රීයක හා පිරිමියෙකු අතර ඇතිවන බැදීම හරහා ඔවුන්ගේ ලිංගික එක්වීමකින්මේ
පුදුම සහගත මිනිස් සත්වයා බිහි වන්නේය.
බොහෝදෙනෙකු
මෙය ප්‍රසිද්ධියේ කථා කිරීමට මැලිකමක් මෙන්ම ලැජ්ජා සහගත බවක්ද දක්වයි.
ජීවියෙකු
හට ගැනීමට බලපාන හේතු මෙන්ම කලලයේ වැඩීම සිදුවන ආකාරයපිළිබඳවත් ප්‍රජා වෛද්‍ය
විශේෂඥ ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේමෙසේයි.
ඒක සෛලික
බැක්ටීරියාවේ සිට දැවැන්ත තල්මසා දක්වා පැතිර යන ජෛව ලෝකයේසතුන් තම වර්ගයා බෝ
කිරීම සඳහා ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙනවා. මිනිසාද තමවර්ගයා වර්ධනය කර ගැනීම සඳහා
ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙනවා.
වෘෂණ
කෝෂයක් තුළ නිර්මාණය වන ශුක්‍රාණුවක පිරිමියාගේ ගති ලක්ෂණ සහිත වර්ණ දේහ 46න් භාගයක් නැතහොත් 23ක් වෙනවා.
ගැහැණියකගේ
ඩිම්බකෝෂ තුළ හටගන්නා ඩිම්බයක් තුළද ඇයගේ ගති ලක්ෂණ සහිතවර්ණ දේහ 46 න්
භාගයක් හෙවත් 23 ක්
වෙනවා. මෙම වර්ණ දේහයන්ගේ එකතුවකින්මවගේ සහ පියාගේ පරපුරේ ගති ලක්ෂණ සහිත සජීවි
දරුවෙකු බිහිවීම සිදුවෙනවා.
මවු
කුසෙන් බිහිවීමෙන් පසු දරුවා තරුණ වියට එළඹෙත්ම ජීවිතයේ විවිධ කඩඉම්පසු කරනවා. මේ
කඩඉම්වලදී දරුවාගේ ලිංගික ජීවිතයේත් විවිධ වෙනස්කම් සිදුවෙනවා.
තරුණවියට
එළඹෙත්ම ලිංගික සක්‍රීයතා පෙන්නුම් කිරීමෙන් ඇය හෝ ඔහු දරුවන්ලැබීමට සුදුසු බවට
ඉඟි පළ කෙරෙනවා. මෙහිදී පිරිමි දරුවාත් ගැහැණු දරුවාත්තම වර්ගයා බෝ කිරීම සඳහා ප්‍රජනන
ක්‍රියාවලියට අනුගත වෙනවා.
පිරිමි
දරුවෙකු සහ ගැහැණු දරුවෙකු ලිංගිකව එක්වීමෙන් පසු ඇතිවනප්‍රතිඵලය ලෙස දරුවෙකු
බිහිවීම සිදු වූවත් එහි විද්‍යාත්මක කතාන්තරය ඉතාරසවත් එකක් වෙනවා.
පිරිමියාගේ
වෘෂණ කෝෂ තුළ නිපදවන ශුක්‍රාණු, ශිෂ්ණය මඟින්
කාන්තාවකගේයෝනි මාර්ගය තුළට කෝටි ගණනින් මුදාහැරීම කෙරෙනවා. ගර්භාෂ ගෙලෙහි මැද
පිහිටිකුඩා සිදුර හරහා ගර්භාෂය තුළට ඇතුල්වන ශුක්‍රාණු, එහි ඉහළ
කෙළවර දෙපැත්තේඇති පැලෝපීය නාල දිගේ ගමන් කෙරෙනවා. මෙසේ ගමන් කරන ශුක්‍රාණු
කාන්තාවගේඩිම්බ කෝෂයකින් පිටවන එක් ඩිම්බයක් සමඟ සංසේචනය වීමෙන් පසු එය
යුක්තානුවක්බවට පත් වෙනවා.
මෙය නව
ජීවියෙකුගේ ආරම්භය ලෙස වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. මෙලෙසඇති වූ නව ජීවී සෛලය
හෙවත් යුක්තානුව නැවත බෙදෙමින් පෙරලෙමින් පැමිණගර්භාෂයට ඇතුල්වෙනවා. එය දින 280ක් (සති 40ක් හෝ
මාස 10ක්) පුරා මවගේපෝෂණය ලබමින් වර්ධනය වීම සිදුවෙනවා.
මෙම
යුක්තානුව මින් පසු කලලය බවට පත්වෙනවා. කලලයෙන් ලිංගේන්ද්‍රියන් මතුවීම සඳහා සති
කිහිපයක් ගත වෙනවා.
පළමුවෙන්ම
පිරිමි සහ ගැහැණු ලිංගේන්ද්‍රියන් වෙන්කොට හඳුනා ගැනීමටහැකියාවක් ලැබෙන්නේ නැහැ.
කලලයට
සති 10 -12 ක් පමණ
වනවිට ගැහැණු පිරිමි බවහඳුනාගත හැකියි. උපතේදී පිරිමි දරුවා ඔහුගේ ශිෂ්ණය මඟින්ද
ගැහැණු දරුවාඇයගේ ස්තී‍්‍ර ලිංගික ප්‍රදේශය අනුවද හඳුනාගත හැකියි.
කෙසේ
වූවත් දරුවාගේ ලිංගේන්ද්‍රියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේඉපදී කලක්
ගතවීමෙන් පසුවයි. එම කාලය දරුවාගේ නව යොවුන් විය ලෙසහැඳින්වෙනවා.
යොවුන්
වියේදී පිරිමි දරුවාගේ වෘෂණ තුළ ශුක්‍රාණු මෙන්ම ලිංගික හෝමෝනදනිපද වෙනවා. මේ නිසා
ද්වීතීයික ලිංගික ලක්ෂන වන මුහුණේ රැවුල වැවීම, ලිංගිකප්‍රදේශ සහ කිහිලිවල
කෙස් වැවීම, ශිෂ්ණය
සහ වෘෂණ කෝෂ විශාලවීම මෙන්මශීඝ්‍ර ශාරීරික වර්ධනයද සිදුවෙනවා.
ගැහැණු
දරුවෙකුගේ නව යොවුන් සමයේදී ඩිම්බ කෝෂ මඟින් ඩිම්බ මෝචනය ආරම්භවෙනවා. මේ නිසා
ඇතිවන ලිංගික හෝමෝන හේතුවෙන් ඇයගේ පියයුරු වර්ධනය, ලිංගිකප්‍රදේශවල සහ
කිහිලිවල කෙස් වැඩීම, ඔසප් චක්‍රය ඇතිවීම සහ
සිරුර ශීඝ්‍ර ලෙසවැඩීම සිදුවෙනවා.
මේ ලක්ෂණ
පහළ වීමෙන් පසු ගැහැණු සහ පිරිමි අතර ලිංගික කටයුතු සිදුවන අතරඑය තම වර්ගයා බෝ
කිරීමත් ලිංගික තෘප්තිය මුල් කරගෙනත් සිදු වෙනවා.තෘප්තිමත් ලිංගික ජීවිතයක් සඳහා
ඔහුට සහ ඇයට ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේබාහිර ලිංගේන්ද්‍රියන්ට සැපයී ඇති සංවේදී
ස්නායු ජාලයයි. මෙම ස්නායු ජාලයකෙළින්ම මොළය සමඟ සම්බන්ධ වෙනවා. මේ නිසා ලිංගික
තෘප්තියේදී මූලිකවනලිංගේන්ද්‍රිය වන්නේ මොළයයි.
ලිංගික
ක්‍රියාවලිය හොඳින් සිදුවීමට ලිංගේන්ද්‍රියන් තුළට හොඳින් රුධිරයගලායාම සිදුවිය
යුතුයි. එමෙන්ම සිරුරේ අන්තරා සර්ග පද්ධතිය මඟින් නිපදවෙනහෝමෝන වර්ගද මනා සේ ක්‍රියාකළ
යුතුයි.
ලිංගික
ගැටලු ඇතිවන්නේ මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු ඇතිවිටයි