එම
කාලය තුලදී කුසතුල සිටින දරුවට අනතුරුදායක විය හැකි ඹෟෂධයන් ඔබ විසින් බැහැර
කළයුතු වෙනවා. මෙහිදී ඔබට හැකියාව තිබෙනවා එවැනි බෙහෙත් වර්ග මොනවද යන්න පිලිබඳ
විස්තරාත්මකව දැනගැනීමට.
වේදනා
නාශක
ගර්භනී සමයේ වේදනා නාශක භාවිතය නතර කල යුතු අතර aspirin සහ ibuprofen නම්වූ වේදනා නාශකයන් භාවිත කිරීමෙන් කුස තුල සිටින දරුවාට හානි වීමට හැකියාව පවතිනවා. කුමන ගර්භනී සමයක සිටියත් එම අවදානම එලෙසම පවතිනවා. උදාහරණයක් ලෙස සුළු ඔලුවේ කැක්කුමක් හෝ ශරීර වේදනාවක් ඇති වුවහොත් ස්වභාවික ප්‍රතිකාර මගින් සහනය සලසා ගැනීම වඩා හොඳයි. සම්භාහනය කිරීම වැනි දෙයක් මේ සඳහා ගැලපෙනවා.
ප්‍රතිදිලීර
ඹෟෂධයන්
ගැබිණි සමයේදී දැක ගත හැකි පොදු ආසාදන තත්ත්වයක් වශයෙන් යීස්ට් අසාදන තත්ත්වයන් හදුන්වන්නට පුළුවන්. කොහොම නමුත් මෙවැනි තත්ත්වයක් ගර්භනී සමයේදී ඇති උනොත් ප්‍රතිදිලීර ඹෟෂධයන් භාවිතයෙන් වැලකී සිටීම වඩා හොඳයි. කිසියම් ප්‍රතිදිලීර ඹෟෂධයක් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා හොඳයි.
ප්‍රතිජීවක
ඹෟෂධයන්
ඔබ ගැබ්ගෙන සිටිනවානම් teracycline සහ streptomycin වැනි ප්‍රතිජීවක ඹෟෂධයන් භාවිත කිරීම ආරක්‍ෂිත වන්නේ නෑ . විශේෂ අවශ්‍යතාවයක් පවතිනවානම් වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ නිර්දේශ යටතේ ප්‍රතිකාරයක් ගැනීම සුදුසුයි.
උණ
සහ සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඹෟෂධ
සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා පැරසිටමෝල් ඇතුලත් බෙහෙත් වර්ග ගැබිණි සමයේදී ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. විශේෂයෙන්ම ගර්භනී සමයේ මුල් කාල සිමාවේ පැරසිටමෝල් අධි මාත්‍රාවක් ගැනීම කුස තුල සිටින දරුවට අනතුරුදායක වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ස්වභාවික ක්‍රමයක් මගින් සහනය සලසා ගැනීම වඩා සුදුසුයි.
කුරුලෑ
සඳහා වූ ඹෟෂධ
ගැබිණි කාලසීමාවේ මවගේ ශරීරයේ හෝමෝන වෙනස්කම් සිදු වෙන අතර එවැනි තත්ත්වයක් තුලදී කුරුලෑ ඇතිවීම පොදුවේ බහුතරයක් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයක්. මේ අවස්ථාවේදී ඔබ කුරුලෑ සඳහා ඹෟෂධයක් භාවිත කිරීමෙන් හෝමෝන වලට එමගින් යම් බලපෑමක් සිදු වී කුසතුල සිටින දරුවට එයින් හානිවීමේ අවධානමක් පවතිනවා. විශේෂයෙන්ම accutane සහ retin යන බෙහෙත් වර්ග ගැබිණි සමයේදී භාවිතා කිරීමෙන් වැළකී සිටීම වඩා හොඳයි.