වඳ බාවය
හෙවත් නිසරු බව කියල හඳුන්වන්නෙ අනාරක්ෂිත සංසර්ගයකින් අනතුරුව ගැබ් නොගැනීමයි. වඳබාවය කියන්නෙ කාන්තා පිරිමි බේදයකින් තොරව මුහුණ
දෙන තත්ත්වයක්. අතීතයේදි නම් සමාජයේ පැවති විශ්වාසය උනේ මෙම තත්ත්වය ඇති වෙන්නෙ
කාන්තාවන්ට පමණක් බවයි.
නමුත්
නවීන වෛද්‍ය විද්‍යාව ඒ මතය වැරදි බව සනාත කරල බොහෝ කාලයක් වෙනවා. ඇමරිකාවේ රෝග
වැලැක්වීමේ ආයතනයේ දත්ත වලට අනුව 10%කකක් පමණ
පිරිසකට නිසරු බව ඇති වී තිබෙන බව කියවෙනවා. එයින් 1/3ක් අවස්ථා වල කාන්තාවන් නිසාත් 1/3ක් පිරිමින් නිසාත් ඇතිවී තිබෙන තත්ත්වයක්.
තවත්තවත් වැදගත් කරුණක් වන්නේ 20%ක් පිරිසකට මෙම තත්ත්වය ඇති වීමට හේතුව හදුනාගෙන නැත. කාන්තාවන්ට උපතින්ම නිශ්චිත ඩිම්බ ප්‍රමණයක් සහිතවයි උපත ලබන්නෙ. නමුත් කාලයත් සමග ඩිම්බ අඩුවීමක් සිදුවෙනවා. නමුත් කාන්තාවන්ගේ වයස අවු 30පසුවීමත් සමග දරුවෙකු ඇතිවීමේ හැකියාව 3%සිට 5% දක්වා අඩු වෙනව. ඒ වගේම මෙම තත්ත්වය අවු 40පසුවීමත් සමග සීඝ්‍රයෙන් වර්ධනය වී වද බාවයදක්වා දක්වා වර්ධනය වීමක් සිදු වෙනවා
කාන්තාවන් වඳබාවය පත් වීමට හේතු
පැලෝපීය නාලයට හානි සිදු වීම
පැලෝපීයනාලයහරහා තමයි ඩිම්බ ගර්භාෂය වෙත ගෙන යාම සිදුවෙන්නේ. මෙම නාලයට හානි සිදුවීමෙන් ඩිම්බ හා ශුක්‍රණු අතර සම්බන්දය බිඳී යනව. යෝනි මාර්ගයහා සම්බන්ධ අසාදන හෝලෙඩ රෝග වලින් හා ඒ ආශ්‍රිතව සිදුකරන ශල්‍යකර්ම වලින් පැලෝපීය නාලයට හානි සිදුවීම මගින්මෙවැනි තත්ත්ව ඇති වීමට පුළුවන්.
හෝමෝන ගැටළු
ඒ වගේම සමහර කාන්තාවන්ට ඔසප් චක්‍රය සම්බන්ධ විවිධ ගැටළු පවතිනවා.
මෙවැනි ගැටළු රුධිර පරික්ෂවක් මගින්රුධිරයේ හෝමෝන ප්‍රමානය මැනීමෙන් සොයාගත හැකියි.
ගැබ්ගෙල ආශ්‍රිත ගැටළු
සමහර කාන්තාවන්ට ගැබ්ගෙල ආශ්‍රිත පවතින ගැටළුවක් තමයි ශුක්‍රාණු නිසි පරිදි ගැබ් ගෙල හරහා ගමන් නොකිරීම. අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ශ්ලෙස්මය කොටස් නිසා වගේම ගැබ්ගෙල සම්බන්ධ ශල්‍ය කර්ම හේතුවෙන්ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.
ගර්භාෂය සම්බන්ධ ගැටළු
ගර්භාෂයේ
සිදුවන අසාමාන්‍ය වැඩීම් හේතුවෙන්ද වඳබව ඇතිවිය හැකියි.
හදුනා
නොගත් ගැටළු
ඉහත සදහන් කළ ආකාරයට 20%ක්
පිරිසකට මෙම තත්ත්වය ඇති වීමට හේතුව හදුනාගෙන නැත, නිසරු බව පරීක්ෂා කිරීම සදහා පරීක්ෂණ කීපයක්ම තිබේ. පිරිමින් සදහා වන
පරීකෂණයෙන් ඔවුන්ගේ ශුක්‍රාණු වල ප්‍රමාණය හා නිරෝගී බවපරීක්ෂාවට ලක් කරනු ලබයි.
එමෙන්ම රුධිර පරීක්ෂාවක් මගින්ඔහුගේ රුධිරයේ පවතින testosterone නම්
හෝමෝන මට්ටම මැනීම සිදු කරයි.
කාන්තාවන්ගේ සරු හෝ නිසරුබව පරීක්ෂා කිරීමට පරීක්ෂණ ගනණාවක්ම ඇත. ඒ
අතරින් Hysterosalpingography හෙවත් HSG හා Laparoscopy නම්
පරීක්ෂණ විශේෂ වේ.