
විශේෂයෙන්ම
කාන්තාවකට වෘත්තීය ජීවිතයට අමතරව, නිවෙසේ
ද පැවරී ඇති වගකීම් රාශියකි. ඒ නිසා රැකියාවට යන කාන්තාවකගේ හිස යකාගේ කම්මල හා
සමාන වූවොත් පුදුමයක් නොවෙයි. මේ ඇබ්බැහිවීම කායිකව මානසිකව කරන බලපෑම් සුළුපටු නැත.
ඇබ්බැහිවීම
හඳුනා ගන්නේ කෙසේ ද?
මෙවිට
නිවෙස ඔබට තවත් කාර්යාලයක්ම පමණි. ඉතා තරඟකාරීව රැකියාවෙහි නිරත වන අතර, පමණට වඩා වගකීම් පවරා ගනී.
නිවාඩුවකට බැහැරට යන විටත් කාර්යාල වැඩ කටයුතු රැගෙන යයි. රැකියාවෙහි නිරතවීමෙන්
අන් කවර කාර්යයක නිරත වූවාටත් වැඩි සතුටක් ලබයි.
කාර්යාල
වේලාවෙන් පසුව වුවත් රැකියා ආශ්රිත ගැටලු විසඳීමේ මානසිකත්වයෙන් පසු වෙයි. හිතවත්
අය පවසන්නේ ඔබ රැකියාවටම ඇලී ගැලී සිටින බවයි. යහළු මිත්‍රාදීන්ගෙන් ලැබෙන දුරකථන
ඇමතුම් අඩු වන අතර යහළු මිත්‍රාදීන්ට ගන්නා ඇමතුම් ද සීමා වෙයි.
දුරකථනයේ
රැඳී සිටීමට ද ඔබට කාලයක් නැත. අධික වෙහෙස, හුදෙකලා බව ඔබ පීඩාවට පත් කරයි. එපමණක් නොව නින්ද නොයාම, හිසරදය, හෘද ස්පන්දනය වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුතා, ගැස්ට්‍රයිටීස්, මාංශ පේශී ආතතිය වැනි ශාරීරික
අපහසුතා රැසක ගොදුරක් වෙයි. මේ ලකුණු ඇබ්බැහිවීමේ ලකුණුයි. විසි එක් වැනි සියවසේ
කතුන් බොහොමයක් රැකියා ඇබ්බැහියේ ගොදුරුය.
රැකියාවක
නියැළීමේදී අප කළ යුත්තේ ඇබ්බැහිවීම නොවෙයි. කැපවීමෙන් නිවැරැදිව රාජකාරිය
කිරීමයි.
රැකියාවට
ඇබ්බැහිවීමත්, වෙහෙස
මහන්සි වී වැඩ කිරීමත් අංශ දෙකකි. මහන්සි වී වැඩ කරන්නා ආත්ම තෘප්තියක් ලැබෙන සේ
තමන්ට පැවරුණු රාජකාරිය නිම කරයි. එහෙත් ඇබ්බැහි වූවන් වැඩ කටයුතු කරන්නේ
පාලනයකින් තොරවයි.
පමණට
වඩා වැඩට අවධානය යොමු කරන අතර, රාජකාරිය
හා සම්බන්ධ සෑම සිද්ධියක් දෙසම විපරමින් බලයි. ඇබ්බැහි වුවන් ආත්ම විශ්වාසය ඇති කර
ගන්නේ තමන් කරන රාජකාරියෙනි. රැකියාවේ යම් වැරැද්දක් සිදු වුණොත් බරපතළ ලෙස
හීනමානයක් ඇති කර ගනී.
යම්
කාර්යයක් කළ නොහැකි වූ විටත් හීනමානයක් ඇති වෙයි. ඔවුනට වැඩක් කිරීමට නොහැකි වූ
විට අසහනයට පත් වෙයි. තමන් කරන දෙයින් විවේකයක් ලබා ගැනීමට ද අකැමැතිය. තමන්
ඇබ්බැහි වූවාට අමතරව අන්‍යයන් ද ඒ තත්ත්වයට පත් කිරීමට උත්සාහ ගනී.
මහන්සි
වී වැඩ කරන්නා තමන් ගැන සොයා බලයි. එහෙත් ඇබ්බැහි වූවන් එසේ නැත. රැකියාව ඔවුනගේ
ජීවිතයයි.
පෞරුෂත්වය
ද රැකියාවට බලපායි. ‘ඒ’ කාණ්ඩයේ පෞරුෂත්වයකින් යුතු
පුද්ගලයන් ක්රියාකාරීය. කඩිසරව සෑම කාර්යයකම නිරත වෙයි. විවේකයක් ගැනීමට
අකැමැතිය. එකවර වැඩ දෙක තුනක් කරයි. මේ ලක්ෂණ ඇති ‘ඒ’ පෞරුෂත්වයේ
අය වැඩිපුර රැකියාවට ඇබ්බැහි වෙයි.
වැඩවලින්
පහසුවක් ලබන්නට මොවුන් අකැමැතිය. වැඩ නොකරන විට අපහසුවක් ඇති වෙයි. කලබල වෙයි.
මෙබඳු
කතක් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපායි. හදවත් රෝග, ගැස්ට්‍රයිටීස්, ස්ථුල
බව, නින්ද
නොයාම, විෂාදය, කොන්දේ කැක්කුම, ස්වසන ගැටලු, තෙහෙට්ටුව මොවුන් අතර සුලබය.
මඳසරු බව ද මොවුන් අතර වැඩිය. ඔසප් චක්‍රය අක්‍රමවත් වෙයි.
ගැහැනුන්
හා පිරිමින්ගේ ආතති මට්ටම් එක මට්ටමක තිබුණ ද ඇබ්බැහි වූ පිරිමි ඇබ්බැහි වූ
ගැහැනුන්ට වඩා කඩිනමින් හෘද රෝගවලට ගොදුරුව මිය යති.