අද
ලෝකයේ බොහෝ කාන්තාවන් විවිධාකාරයේ සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දෙමින් සිටිනවා.
මේ
සඳහා විවිධ විදියේ හේතුද ඉදිරිපත් වෙමින් පවතිනවා. එවැනි එක් අදහසක් වන්නේ කාන්තා
සනීපාරක්ෂක නිෂ්පාදන හේතුවෙන් මෙවැනි රෝගාබාධ ඇති වන බවයි.
නමුත්
කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ආශ්‍රිතව ඇතිවන ගැටළු ගැන සාකච්ඡාවෙන්නෙ ඉතා අඩුවෙන්.
මෙම ලිපිය කියවීමෙන් මෙම නිෂ්පාදනවල පවතින ගැටලුකාරී බව ඔබට වැටහේවි.
අපේ
ශරිරයෙන් විශාලතම අවයවය වන්නේ සමයි. එසේම සම ඉතා තුනී පටලයකින් මගින් අපේ
අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආවරණය කරනු ලබනවා. එසේම ලිංගාශ්‍රිතව පිහිටා තිබෙන සම
අධි සංවේදීද වෙනවා. යම්කිසි විෂ ද්‍රව්‍යක් ඔබේ ශරීරයේ ස්පර්ශ උවහොත් එය
රුධිර සංසරණය හා එක් වී ශරීරිය පුරා පැතිරීමේ වැඩි ඉඩකඩක්
පවතිනවා. ඔබ යම්කිසි විෂ ද්‍රව්‍යක් ආහාරයට ගත්විට එය අමාශයට ගමන් කිරීමෙන්
අනතුරුව අමාශය මගින් එයට ප්‍රතිප්‍රතිරෝධක නිපදවීමේ හැකියාව පවතියි. නමුත් සමට
එවැනි හැකියාවක් නොපවතියි. සනිපාරක්ෂක නිෂ්පාදන ඍජුව සම්බන්ධ වන්නේ සමටයි.
මේ අනුව එවැනි ප්‍රමිතියකින් තොර නිෂ්පාදන හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයන් ඉතා
දරුණු විය හැකියි.
අධ්‍යනයන්ට
අනුව තහවුරු වන්නේ සනිපාරක්ෂක නිෂ්පාදන මගින් විශාල සෞඛ්‍ය ගැටළු ප්‍රමාණයක්
නිර්මාණය කරන බවයි. වාර්තාවන අන්දමට සාමාන්‍යයෙන් ඇමරිකාවේ කාන්තාවක් තම ජීවිත
කාලය තුල 16800ක්
පමණ විවිධ වර්ගයේ සානිපරක්ෂක ද්‍රව්‍ය භාවිතා කරයි.
මෙහි
තිබෙන බරපතල කම වන්නේ නිෂ්පාදනයේදී සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අඩංගු අමු ද්‍රව්‍ය
පිළිබඳ සඳහන් කිරීම අවශ්‍ය නොවීමයි. එයට හේතුව වන්නේ මේවා වෛද්‍ය උපකරණ ගණයට
අයත් ද්‍රව්‍ය ලෙස නොගැනීමයි.
මේවා
නිෂ්පාදනයේදී අවධනය යොමුකරන්නේ උපරිම උරාගැනීමේ හැකියාවක් සහිත ද්‍රව්‍ය යොදාගැනීම
සඳහා පමණි. සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පිළිස්සීමේදී කළු පාට දුමක්
දුර්ගන්ධයක් හා පිලිස්සී අවසානයේ ඉටි වැනි ද්‍රව්‍යක් ඉතුරුවන බව දක්නට
ලැබේවි. මෙයින් පැහැදිලිවන්නේ මෙවැනි සාමාන්‍ය සනීපාරක්ෂක තුවායක්
නිෂ්පාදනයේදී ඩයොක්සින්, සින්තටික්
ෆයිබර් වැනි පොලිතින් නිෂ්පාදනයේදී යොදාගන්නා ද්‍රව්‍ය මේවා සඳහා භාවිතා වන බවයි.
අධ්‍යනයන්ට අනුව තහවුරු වී ඇත්තේ පොලිතින් කවර පහක අඩංගු ද්‍රව්‍ය එක
සනීපාරක්ෂක තුවයක අඩංගු බවයි.
ඔබ
අපි බොහෝදෙනෙක් පොලිතින් වල පවතින විනාශකාරී බව අසා ඇතුවාට සැකයක් නෑ.
උදාහරණයක් ලෙස පොලිතින් සඳහා යොදාගන්නා BPA
හා BPS වැනි
ප්ලාස්ටික් රසායනික මගින් වඳ බාවයට පත්වීම , හදවත් රෝග හා පිළිකා ඇතිවන බව විවිධ අධ්‍යනයන් හරහා අනාවරණය වී
ඇති කරුණක්. එසේම ප්ලාස්ටික් හා සින්තටික් අඩංගු සනීපාරක්ෂක තුවා භාවිතය මගින්
වාතාශ්‍රය නොලැබීම හරහා යෝනිය අවට තෙතමනය රැඳී විෂබීජ වර්ධනය සඳහා මග පාදයි.
එසේම මේවා නිෂ්පාදනයේදී දුර්ගන්ධය හා සුවඳ පාලනය කිරීමටත් විවිධ වර්ගයේ රසායනික
වර්ග යෙදීම සිරිතක්. මේ හරහාද විවධ වර්ගයේ ආසාදන තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක්
පවතියි.
සනීපාරක්ෂක
තුවාවල පවතින පිරිසිඳු සුදු පැහැය ලබාගන්නේ ක්ලෝරීන් මිශ්‍ර බ්ලිචිං
මගිනි. මේ හරහා විෂ කාරක ඩයෝක්සින් වර්ග නිෂ්පාදනය වීමේ ඉඩ කඩක් පවතී. අධ්‍යනයන්ට
අනුව හෙළිව ඇත්තේ මෙවැනි ඩයෝක්සින් වර්ග පටක වල තැන්පත් වන බවයි.
ලෝක
පරිසර සුරැකීමේ ඒජන්සි වාර්තාවන්ට අනුව මේවා රෝග ගණනාවකට හේතුවේ. උදාහරණයක් ලෙස
මෙමගින් අනවශ්‍ය සෛල වර්ධනය වීම, ප්‍රතිශක්ති
පද්ධතිය අඩපණ කිරීම හා හෝමෝන ක්‍රියාවලිය අඩපණ කිරීම සිදුවන බව ඔවුන්
හෙළි කරයි. නමුත් මෙම වාර්තා වල පවා සනීපාරක්ෂක නිෂ්පාදන ආශ්‍රිතව ඇතිවිය
හැකි විනාශය ගැන සඳහන් කර නොමැති වීම විශේෂත්වයක්.
දැනට
ලෝකයේ බොහෝ කපු නිෂ්පාදනයන් ජාන වෙනස් කල ඒවායි. එසේම සනිපාරක්ෂක තුවා
නිෂ්පාදනයේදී යම් ප්‍රමාණයක් කපු යොදාගනු ලබනවා. ජාන වෙනස් කම්වලට
ලක්වූ කපු වර්ග යොදාගැනීම හරහා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු බොහොමයක් පවතිනවා.
මෙවැනි
ආකාරයෙන් ජාන වෙනස් කළ ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම
හරහා ජාන වෙනස් කල ආහාර ගැනීමෙන් ඇතිවන ආකාරයෙන්ම සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ
හැකියාවක් පවතියි. මෙය තවත් දරුණු වන්නේ යෝනි මාර්ගය අධික සංවේදී බැවින් ජාන
වෙනස් කළ කපු අඩංගු සනිපාරක්ෂක තුවා භාවිත කිරීම මගින් එහි අඩංගු
රසායනික ද්‍රව්‍ය කෙලින්ම රුධිර සංසරණ පද්ධතිය සමග එක වීමේ හැකියාවක් පැවතීමයි.
එසේම
සනීපාරක්ෂක තුව නිෂ්පාදනයේදී දුර්ගන්ධය නැති කල හැකි රසායනික ද්‍රව්‍ය, කෘතීම වර්ණක, polyester, ගම් වර්ග polyethylene (PET), polypropylene, propylene glycol (PEG) යොදාගැනීම සිදු වෙනවා. මේ ද්‍රව්‍ය මගින් හෝමෝන නිෂ්පාදන අඩපණ වීම, පිළිකා, විවිධ අඩු පාඩු සහිත දරුවන්
බිහිවීම, වඳ
බාවයට පත්වීම සිදු වියහැකි බව අනාවරණය වී තිබෙනවා.
මේ අනුව සනීපාරක්ෂක තුවා පාවිච්චියේ පවතින අවධානම් බව ඔබට
පැහැදිලි වන්නට ඇති. මෙයින් මිදීම සඳහා ඔබට යම් යම් උපක්‍රම අනුගමනය කිරීමේ
හැකියාවක්ද පවතියි.
හැකි
සෑමවිටම උරාගැනීමේ හැකියාව වැඩි සනීපාරක්ෂක තුවා භාවිතයෙන් වැළකිය යුතුයි.
පැය
5ක්
හෝ 6කට
වරක්ම මාරු කිරීම සිදු කල යුතුයි.
එසේම
tampons වැනි අලුත් සනීපාරක්ෂක නිෂ්පාදන භාවිත කරනවාට වඩා සාමාන්‍ය
සනීපාරක්ෂක තුවා (pads) පාවිච්චි කිරීම වැඩ හොඳයි.
මීට
අමතරව සියයට සීයක්ම කපුවලින් නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා වෙළඳ පොළේ පවතිනවා.
මේවා නියාමනය කිරීමට ලෝකයේ යම් යම් නීති රීති පවතිනවා. මේ නිසා එවැනි අනුමැතිය ලත්
නිෂ්පාදන භාවිතය සඳහා යොමු වීම හොඳ දෙයක්. එවැනි නෂ්පාදන කිහිපයක් පහත දැක්වේ.
Natracare
Diva
Cup
Seventh
Generation Chlorine Free Organic Cotton Tampons
Glad
Rags Organic Pads
Organyc
100% Organic Cotton Tampons