ඔස්ටියෝපොරෝසිස්
රෝගයේදී අස්ථිවල
ඝනත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් සිදුවීම වන අතර එම නිසා අස්ථිවල ශක්තිය දුර්වල
වෙමින් අස්ථි දිරා යෑමට ලක්වෙයි.
බොහෝ
මැදිවියේ කාන්තාවන් අතර බහුලව ඔස්ටියපොරෝසිස් තත්ත්වයන් දක්නට ලැබේ. කාන්තාවන්ට
බොහෝ විට මෙය ඇතිවන්නේ ආර්තවහරණයෙන් පසුවයි.
නමුත් නවතම වාර්තාවන්ට අනුව තරුණ වියේ පසුවන කාන්තාවන්ට හා පිරිමි අයටත් ඔස්ටියපොරෝසිස් තත්ත්වයන් ඇතිවිය හැකි බව පැවසේ.
කාන්තාවන්ට
විශේෂ ඇයි?
කන්තාවන්ගේ මාසික ඔසප් වීම නතර වූ පසු එනම් ආර්තවහරණයෙන් පසුව
ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා. එවිට ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන
නිපදවීම අඩුවෙයි. අස්ථිවලට ආරක්ෂාව සැපැයීමද මින් අඩාල කරවයි. වයසට යෑමත් සමඟම
අස්ථි දුර්වල වීමට ලක්වේ. ජානමය හේතූන් කැල්සියම් සහිත සමබල ආහාර නොගැනීම, අධික දුම්පානය හා මත්පැන් අධිකව
පානය කිරීම වැනි හේතූන් නිසාත් මෙම තත්ත්වය උග්‍රවිය හැකියි.
ජානමය
බලපෑම් හා වියපත් වීම ආදිය වෙනස් කළ නොහැකි වුවද දුම්පානය හා ඇල්කොහොල් භාවිතය අඩු
කර ගැනීමෙන් ඔබටද මින් අත්මිදිය හැකිය. උදාහරණයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය
වැඩිවීමක් මෙන්ම ඇතැම් පිළිකා රෝග නිසාත් අස්ථිවල ශක්තිමත් බව ගිලිහී යා හැකියි.
රෝග ලක්ෂණ වෙනත් රෝග මෙන් නොව ඔස්ටියෝපොරෝසිස් රෝගයේ මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් ඔබට හඳුනා ගත නොහැකිය. කොඳු ඇට පේළියේ අස්ථි බිඳීමට ලක්වීමෙන් කොන්දේ වේදනාවක් ඇතිවීමක් හෝ ශරීරය කුදු ස්වභාවයක් ගත හැකියි. සුළු අනතුරකින් පවා අස්ථි බිඳීයෑම, මැණික් කටුව ආශ්‍රිතව හා උකුලේ සන්ධි බිඳී යෑම වැනි ප්‍රවණතාවයක් ඔස්ටියෝපොරෝසිස් රෝග ලක්ෂණයේදී දැක ගත හැකියි.
හඳුනා ගන්න ඔස්ටියෝපොරෝසිස් රෝගය නිශ්චිතව ඔබට හඳුනා ගැනීමට හැකි පරීක්ෂණ තිබේ . මින් මැන බැලෙන්නේ අස්ථිවල ඝනත්වයයි. ඉහත කී රෝග ලක්ෂණ පෙන්වයි නම් ඔබත් මෙවැනි පරීක්ෂණයකට යොමු වීම වැදගත්ය.
වළක්වා ගැනීමට වඩාත් වැදගත් වන්නේ රෝගයක් වැලැඳීමට පෙරට ඉන් වැළැකී සිටීමයි. මේ නිසා කැල්සියම් අඩංගු ආහාර වර්ග කුඩා කල පටන්ම ඔබේ ආහාර වේලට එක්කර ගැනීමට උනන්දු වන්න. කිරි යෝගට්, කුඩා මාළු හා පලා වර්ග මේ ආහාර වර්ග අතර වේ.
කිරිදෙන
මවවුරුන් හා වැඩෙන වියේ පසුවන දරුවන්ට කැල්සියම් වැඩි වශයෙන් අවශ්‍ය නිසා මොවුන්
මේ පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතුමයි. නව යොවුන් වියේ සිටම ව්‍යායාමවලට හුරුවීමත් ඔබේ අස්ථි ශක්තිමත්
කිරීමට ඉවහල් වෙයි. මේ නිසා දිනකට පැය 1/2ක්වත් මේ සඳහා වෙන් කර ගන්න. දුම්පානය හා මත්පැන් පානයෙන් බැහැර වීමත් යහපත්
සෞඛ්‍ය පුරුද්දකි.
වැටීම වළක්වා ගන්න අස්ථි දුර්වල අයෙක් නම් තම නිවෙසේ පරිසරය ගැනත් අවධානයෙන් පසුවන්න. විශේෂයෙන් නාන කාමරය වැනි ස්ථානවලදී පරෙස්සම් වන්න. නැත්නම් වියපත් වූ විට අස්ථි බිඳී යෑමෙන් එකතැන් වීමටද හැකි බැවිනි.