රූපලාවන්‍ය
කටයුතු සඳහා යොදාගන්නා සුවඳවිලවුන් හි ඇති රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇසුරුම්
දරුවන් අතර ඇදුම රෝගය වේගයෙන් පැතිර යාමට හේතුවන බව පර්යේෂකයෝ පිරිසක් පවසයි.
විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ ළදරුවන් මව්කුසය තුල සිටින කාලයේ දී
ප්ලාස්ටික් නම්‍යශීලි කිරීම සඳහා යොදාගන්නා සංඝටක වලට නිරාවරණය වීම හේතුවෙන්
ඔවුන්ට ඇදුම රෝගය වැළදීමේ අනතුර 78%
ක් දක්වා වන බවයි.
පර්යේෂකයන්
විශ්වාස කරන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මගින් කළලයේ ස්වසන මාර්ගය සංවේදී වී මොවුන්ගේ
ළමා වියේදී ඇදුම රෝගය වැළදීමේ තත්ත්වයක් ඇති බවයි.
විද්‍යාඥයින්
මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවධානම අඩුකර ගැනීම සඳහා ප්ලාස්ටික් බහාලුම්,සුවඳ විලවුන් සහ වඩාත් සුවඳ ගැල්වු සේදීමේ කුඩු භාවිතයෙන් වැලකී
සිටින ලෙසයි.
නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ගර්භණී මව්වරු 300 කගේ මුත්‍රා පරීක්ෂාකර බැලීමෙන් මේ දත්ත විශ්ලේෂණය කර ඇත.
නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ගර්භණී මව්වරු 300 කගේ මුත්‍රා පරීක්ෂාකර බැලීමෙන් මේ දත්ත විශ්ලේෂණය කර ඇත.
ඔවුන්
පවසන්නේ මේ ගැබිණි මව්වරුන්ගේ මුත්‍රාවල තිබූ ප්ලාස්ටික් මෘදු කිරීමට ගන්නා
රසායනිකයන් ගේ මට්ටම මැන බැලු බවයි.
කොලම්බියා
විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබින් වයිට් පවසන්නේ මේ සඳහා ගතහැකි සරළ පියවරක් ලෙස
ප්ලාස්ටික් බහාලුම් භාවිතය අඩුකර ආහාර වීදුරු භාජන තුළ ගබඩා කිරීම සුදුසු බවයි.
බ්‍රිතාන්‍යය
තුල ඇදුම රොගයෙන් පෙලෙන්නන් ලක්ෂ 54ක් ක් සිටින අතර එයින් ලක්ෂ 11ක් ළමයින් වේ. බ්‍රිතාන්‍යෙය් වසරකට ඇදුම රෝගයෙන් මියයන සංඛ්‍යාව 1250 ක් බව පැවසේ.