ලිංගික
අධ්‍යාපනය කියන්නේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් දැනුම්වත් නොවන ක්ෂේත්‍රයක්. ක්‍රමවත්
ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මගින් අනවශ්‍ය ගැබ්ගැනීම් වගේම ලිංගික බෝ වන රෝග වලක්වා
ගත හැකි. මෙවැනි අධ්‍යාපනයකින් අවදානම වැලැක්වෙනවා වගේම සෞඛ්‍යසම්පන්න පුරවැසියන්
පිරිසක් සමාජයට දායාද කරනවා.
සෞඛ්‍ය
අධ්‍යාපනය පිළිබඳ අමරිකානු රාජ්‍ය ආයතනයක සමික්ෂණ වාර්තා වලට අනුව ඒ රටේ අවුරුදු 15ත් 17ත් අතර
නව යෞවන අවදියේ පසුවන්නන්ගෙන් 72% පිරිමි ළමයි ත් , 73%ක් ගැහැණු ළමයිත් ලිංගික සංසර්ගය පිළිබද අත්දැකීම්
ලබල නෑ. ඒ සම්බන්ධ නිවැරදි දැනුමකුත් නෑ.
ශ්‍රී
ලංකාවේ තත්වය මිට වඩා ගොඩක් වැඩි විය හැකියි. පසුගියදා මෙරට රජයටද ලිංගිකාශ්‍රිත
රෝග මර්දන ඒකකය විසින් යෝජනා කර තිබුණා පාසලේ දහය වසරේ සිට සිසුසිසුවියන්ට ලිංගික
කටයුතු පිළිබඳ අධ්‍යාපනය ලබා දියයුතු බවටත්.
නමුත්
සමාජයේ පවතින විවිධ මතයන්ට අනුව නම් බොහෝ දෙනාගේ අදහස වෙන්නේ වර්තමානයේ තරුණ
තරුණියන් කියන්නේ පහසුවෙන්ම ලිංගික කාර්යන් සඳහා පෙළඹෙන පිරිසක් කියල. ඇත්තටම සමහර
තරුණ තරුණියන් හිතන්නේත් තමන් මේවා ගැන ගොඩක් දැනුම්වත්ව සිටිනවා කියලයි. මේ අදහස්
නිසාම බොහෝවිට ලිංගික කරුණු, ලිංගික දැනුම්වත් වීම්
කෙරෙනවා අඩුයි.
නමුත්
ඔවුන්ට ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීල ලිංගික කරුණු ගැන අවබෝදයක් ලබාදීමෙන්
අවදානම් රැසක් මඟ හරවගන්න හැකි වෙනවා.
එසේම මේ
අධ්‍යාපනයේදී ඔවුන්ට කොහොමද සුරක්ෂිත සම්බන්ධයක් පවත්වන්නේ වගේම, නිවැරදි
තීරණ ගැනීම සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමත්, කොහොමද අනවශ්‍ය ගැබ්ගැනීමක්
වලක්වා ගන්නේ, ලිංගික රෝග බෝවීම වැලක්
වීමට අනුගමනය කරන පියවරයන් මොනවද යන්නත් අඩංගු වීම හරිම වැදගත්.
මෙවැනි
ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයකින් අවදානම් ලිංගික අත්හදා බැලීම් වලින් තොරව සුරක්ෂිත
ලිංගික ජීවිතයක් සඳහා අවශ්‍ය පිටුබලය සැපයෙනවා.
ඒවගේම
වාර්තා වලට අනුව 1/4 පමණ පිරිසකට ලිංගික රෝග
තිබෙන බවටත්, එවැනි
බොහෝ රෝග හදුනාගෙන නොමැති බවත්, මෙවැනි රෝග මගින් වඳ බාවයට
පත් වීම, පිලිකා
තත්ත්වයන් ඇතිවීම ඉඩ තියෙනවා. මෙවැනි පිරිස්වලින් බොහෝ දෙනෙක් අවුරුදු 15 ත් 25ත් අතර පසුවන තරුණ තරුණියන් බවයි පැවසෙන්නේ.
විශේෂයෙන්ම
තරුණ ගැහැණු ළමයින් අතර මෙවැනි රෝග බහුලව දකින්න ලැබෙනව. තවත් සොයා ගැනීමක් තමයි
මෙවැනි රෝග, කොන්ඩම්
බාවිත කළත් තව කෙනෙකුට බෝ වීමේ අවදානම තිබෙන බව. මේ නිසා කොන්ඩම් බාවිතය ගැන
නිවැරදි අධ්‍යාපනායක ලබාදීමත් වැදගත්.
බොහෝ රෝග
සම්බන්ධයෙන් අපි විවිධ විදියේ දැනුවත් කිරීම් ලබන අතර ලිංගික කරුණු පිළිබද
හරියාකාර දැනුවත් වීමක් සිදු වන්නේ කලාතුරකින්. අනිත් රෝග ගැන දැනුවත් වීම් කරනවා
වගේම මෙවැනි රෝග සම්බන්දයෙනුත් විද්‍යානුකුලව දැනුවත් කිරීම් සිදුවන්නේ නම් විශාල
රෝග ප්‍රමාණයක් අපිට වළක්වා ගතහැකි.