අව්වට ඉහළන කුඩේ මොන පාටද?


බොහෝදෙනෙක් කුඩයක් ළඟ තිබුනත් කුඩේ එළියට ගන්නෙ වැස්ස වෙලාවට නොතෙමී ඉන්න විතරයි.

අව්ව වෙලාවට කුඩයක් තියනවද කියලවත් මතකයක් නෑ. තවත් සිතිය යුතු වැදගත් දෙයක් තමයි අව්ව පවතින වෙලාවට අපි කුඩයක් ඉහලන්න ඕන කළු වෙනවට බයේනම් නම් නෙමේ.

අව්වේ ගියා කියල කළුවෙනවා තමයි. ඒ ටික වෙලාවකට විතරයි. අව්වේ ගියාට කළු වෙන එක නෙමේ ප්‍රශ්නෙ. බොහෝ චර්ම රෝගවලට හේතු වන්නෙ අහිතකර හිරු කිරණ වලට සම නිරාවරණය වීමයි.

සමහර වෙලාවටට අපි ඒ තරම් හිතලා නොබැලුවාට අද සමාජයේ ඉන්න බොහෝදෙනෙක් පාවිච්චි කරන කුඩ නිසාත් බොහෝ දෙනෙක්ගේ සෞඛ්‍යයට නම් එතරම් හොඳක් සිද්ධ වෙන්නේ නැති බවයි වෛද්‍ය මතය වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා අපි අව්වට කුඩයක් ඉහළනව වගේම තෝරාගන්නා කුඩය පිළිබඳවත් සැලකිළිමත් විය යුතුයි.

පාට පාට කුඩ, මල් මල් කුඩ, විවිධ රටා වලට, විවිධ හැඩතලවලට, දැඩි අලංකාරය නිසා ඇස් නිලංකාර වේලා යන මට්ටමට කුඩ වර්ග මිලදී ගන්න අපි කවුරුත් කැමතියිනේ. ඒ වුණත් කෝකටත් හොඳයි, කුණු ගෑවෙන්නෙත් නෑනේ කියලා තවත් සමහර අය කළු කුඩ විතරක්ම පාවිච්චි කරනවා.

මේ එක එක ජාතියේ කුඩ වර්ග අතරේ ඔබ වඩාත් කැමති කුමන කුඩයකට වුණත් වැස්ස වහින වෙලාවට වඩා අව්ව පායන කොට නම් කුඩයක් ඉහළන කොට තරමක් පරිස්සම් වුණොත් හොඳයි.

ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන කුඩවල රෙද්ද බොහෝ වෙලාවට තුනී නිසා ඒ හරහා අහිතකර සූර්ය කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල කිරන ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ සමට එවැනි අහිතකර සූර්ය කිරණවලින් තර්ජනයක් ඇති වෙන්නත් පුළුවන්.

එහෙනම් මොන විදිහට ද අපි කුඩයක් තෝරා ගන්න ඕන කියලා ඊළඟට ඔබට හිතෙනවා ඇති. ඇත්තටම කුඩයක් ගන්න කොට ඒ කුඩ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන ඒවාද නැද්ද කියලා හොඳට හොයලා බලන්න ඕන.


හිරු කිරණ පරාවර්තනය කරන්නට පුළුවන් මේ කුඩවල රෙද්ද හොඳ ඝනකමින් යුක්ත වෙනවා. ඒ විතරක්ම නෙමෙයි මතුපිට අළු පාටින් හා කුඩය අතුල් පැත්ත කළු පාටින් ද යුක්ත නිසා ඒවා හොයාගන්න අමාරු වෙන එකකක් නෑ. ඒ හින්දා මීට පස්සේ නම් කුඩයක් පාවිච්චි කරන කොට කුඩේ තියෙන ලස්සන විතරක් නෙමෙයි. සෞඛ්‍යටත් හිතකරද කියලා බලන්නත් මතක තියාගන්න.