
පිරිමින්ගේ මදසරු බව හෙවත් කලලයක් තැනීමට
අසීරුවන සාධක කවරක් ද යන්න මහනුවර ශික්ෂණ රෝහලේ, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන්
මහතා කරුණු දක්වන ලිපි මාලාවේ තවත් කොටසකි මේ.
පෙර දැක්වූ පරිදි, මදසරු බව ඇතිවීමට බලපාන සාධක පහ හෝ ඉන් එකක් හෝ
තමන්ට හේතු වන්නේ නම්, කළ යුතු පරීක්ෂණ පිළිබඳව විශේෂඥ වෛද්‍ය අබේකෝන්
මහතා මෙසේ තොරතුරු ගෙන එයි.
විවාහ වී අවුරුදු තුනකට වැඩි
කාලයක් දරුවෙකු පිළිසිද නොගත් යුවලක් මදසරු බවින් යුක්තව ඇති බව සැක කරයි. එවන්
යුවලක් පරීක්ෂා කළ යුතු අන්දම අප මීට පෙර සවිස්තරාත්මකව සාකච්ඡා කළා.
නමුත් පිරිමි පුද්ගලයෙකු පමණක් වෛද්‍යවරයෙකු වෙත
යොමු විය යුතු අන්දම දැන සිටීම වැදගත් බැවින් අද අප ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා
කරමු.පළමුව වෛද්‍යවරයා වෙත පැමිණි, රෝගියාගේ ඉතිහාසය ඉතා සියුම් ලෙස පරීක්ෂාවට ලක්
කළ යුතුයි. එම අවස්ථාවේ රෝගියා කිසිදු කරුණක් සඟවා නොතබා වෛද්‍යවරයා සමඟ පැවසීම, අත්‍යාවශ්‍යයි.
එවිට මෙවන් තත්ත්වයක් ඇති වන්නේ
ඇයි ද යන්න විමසා බලා, අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම පහසු වෙයි.
මෙහිදී (ස්වාමිපුරුෂයා) පිරිමියා කරන රැකියාව, නිවසේ රැඳෙන කාලය දිනපතා සිදු කරන කටයුතු , බිරිඳ සමඟ සම්බන්ධවන කාලය ආදිය පිළිබඳව සියලු
තොරතුරු පිළිබඳව විමර්ශනය කළ යුතුයි.
බිරිඳගේ සරු කාලය පුරුෂයා විසින් දන්නේ ද යන වග
සහ එම කාලයේදී ලිංගිකව සම්බන්ධ වීමට හැකි වූයේද යන්න පිළිබඳව මූලිකව පරීක්ෂා කොට
බලනු ලබයි. එහි තත්ත්වය අනුව සෙසු පරීක්ෂණ වෙත යොමු වීමට වෛද්‍යවරයෙකුට සිදු වේ.
පුරුෂයාගේ රැකියාවෙහි බලපෑම
ඇතිවන කරුණු කිහිපයක් වෙයි. උෂ්ණ අධික ස්ථානවල (බේකරි, පෝරනු, වෙනත් විවිධ කර්මාන්තශාලා)
රැකියාවෙහි නියුතු වන ඇතැම් පුරුෂයින්ගේ වෘෂණ කෝෂ උෂ්ණත්වය ඉහළ යාම මත ගුණාත්මක
බවින් අඩු ශුක්‍රාණු නිපදවෙන බැවින් එවැනි තත්ත්වයක් ඇති වී ඇත්ද යන්න වෛද්‍යවරයා
පරීක්ෂා කර බලනු ලබයි.
තවත් විටෙක, කාර්යය බහුල රැකියාවක හෝ නිසි වැටුප් නොලබන
රැකියාවක නියුතුව සිටින පිරිමින් නිතර නිතර කනස්සල්ලට පත්වීම හේතුවෙන් මානසික
සුවතාවය අහිමි වී නිතර මානසික ආතතියකින් පෙලෙනු දක්නට ලැබෙයි. මෙය හේතුවෙන්
පිටියුටරි ග්‍රන්ථියේ හෝ ඒ ආශි‍්‍රත ග්‍රන්ථිවලින් පිටවන හෝමෝනවල අයහපත් බලපෑම මත
ගුණාත්මක බවින් අඩු ශුක්‍රානු නිපදවීමක් සිදුවෙයි. එවැනි තත්ත්වයන් නිසාත්
පුරුෂයාගේ මදසරු බව ඇතිවිය හැකි වෙයි. කෙසේ වුවද මදසරු යැයි අනුමාන කරන පිරිමියෙකුගේ
හිස සිට පාදාන්තය දක්වාම පරීක්ෂා කොට සාධක කවරක් ද යන්න නිරීක්ෂණය කරයි.
වෘෂණ කෝෂ පරීක්ෂාවද මේ අතරින්
වැදගත් තැනක් ගනී. වෘෂණ කෝෂවල ප්‍රමාණය සහ වෘෂණ නිසිතැන රැඳී ඇත්ද යන පරීක්ෂණ ද
වෛද්‍යවරයෙකු විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.
ඒ හැරුණු විට, පරීක්ෂණාගාරයකදී සිදු කරනු ලබන පරීක්ෂණ කිහිපයක්
ද වෙයි.
තෛරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම, පිටියුටරි ග්‍රන්ථියේ බලපෑම, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදියේ බලපෑමක් ඈත් ද යන්න සොයා
බැලීම සඳහා රුධිර පරීක්ෂණ සිදු කරනු ලබයි.
මදසරු බව සොයා බැලීම පිණිස අතිශය
වැදගත් පරීක්ෂණයක් වන්නේ ධාතු පරීක්ෂාවයි. මෙම පරීක්ෂාව මඟින් අභ්‍යන්තර තත්ත්වයන්
පිළිබඳ පුළුල් ලෙස සොයා බලනවා. එය Semenanalysis
අත්‍යවශ්‍ය පරීක්ෂණයක් සේම, කඩිනම් ප්‍රතිකාර වෙත යොමු විය හැකි අවස්ථාවක් ද
වෙනවා.
ඇතැම් පිරිමින් කොපමණ ශුක්‍රාණු
පිටකළ ද අත්‍යවශ්‍ය ගුණාත්මක බවින් හෙබි නිරෝගි ශුක්‍රාණු එකක් හෝ පිට නොවන අවස්ථා
තිබෙනවා. ශුක්‍රධාතු පරීක්ෂණය මඟින් මේ තත්ත්වය තහවුරු කරගත හැකි වෙයි.
පිරිමියෙකු වරකට ශුක්‍රානු මිලි
ලීටර් දෙකක් පිට කරනු ලබනවා. මෙම මිලි ලීටර දෙකෙහි , මිලියන ගණණ් ශුක්‍රාණු පැවතිය ද ගුණාත්මක බවින්
(ඩිම්බයක් සමඟ සංසේචනය විය හැකි තත්ත්වයේ ඇති) යුක්ත ශුක්‍රාණු ඇත්ද යන්න පරීක්ෂා
කිරීම මඟින්, නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වීම පහසු වෙනවා.
ඊඥඵබඪජභතචප ඡඪධනඵර හෙවත් වෘෂණ
කෝෂයෙන් කොටසක් ලබාගෙන පරීක්ෂණ වෙත යොමු වීම තවත් පරීක්ෂණ අවස්ථාවක්. නමුත් මෙම
පරීක්ෂණය වෙත යොමු වන්නේ, මූලික පරීක්ෂණවල යම් ගැටලුවක් හෝ අපැහැදිලිතාවක්
හේ පැවතියහොත් පමණි.
එසේ හෙයින් අතිශය වැදගත් වන්න්
පරීක්ෂණ වෙත යොමු වීමයි. සියල්ලටම පෙර තමන් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට වගබලා ගත
යුතුයි. අවශ්‍ය නම්, ආසන්නයේ සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස්
ලබා ගැනීම ද ඒ ඔස්සේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමද කළ හැකියි.